Friday, April 12, 2013

සිංහරාජයේ පුරාණ ගම්මාන | Pitadeniya-Lanka gama


"බොහොම ඉස්සර කාලෙක මේ කැලේ ඉඳල තියනවාලු දරුණු සිංහයෙක්... කැලේ මැද්දෙන් ගිය මිනිස්සුන්ට මේ සිංහයා හරියට කරදර කරලා තියනවා...ලංකා කියල තරුණයෙක් මේ සිංහයාට ගල් වලින් ගහල මරල තියනවලු....ඔය සිංහගලට යන පාරේ තියන අමුතු ගල්ගොඩ සිංහයා මරලා දාපු තැන කියලයි ගම්මු විස්වාස කරන්නේ...ලංකා කියන තරුණය හිටපුගම තමා ලංකා ගම කියල අදටත් පැවත එනනෙ..."
-------------------------------------------------------------------------------------------------------------------------
     වෙලාව උදේ හතට විතර ඇති.සුදු පාට බෝඩ් ලෑල්ලක කලුපාට රවුම් අකුරින් දෙනියාය - අකුරැස්ස කියල ලියපු රතු පාට ලංගම බස් එක වංගු වලින් හැරි හැරී ගමන් කෙරුවේ බොහොම හෙමින්...පුංචි පුංචි කඳු ගැට වල බොහොම පිලිවලට වවල තිබ්බ ලා කොළ පැහැති තේ වගාවනුත්,කහ පාටින් පීදිලා තිබුන වෙල්යායත්,මීදුමින් බර වෙච්ච කඳු වැටිත් හිතට ගෙනාවේ පුදුම සැහැල්ලුවක්....අකුරැස්ස - දෙනියාය හරහා සූරිය කන්ද පැත්තට යන පාර ලංකාවේ තියන සුන්දරම මාර්ග වලින් එකක්....සිංහරාජ වනාන්තරයට මායිම් වෙලා තියන මේ පැත්ත එතරම්ම ජනාවාස වෙලා නැති හින්දදෝ කොහෙද  තවමත් මෙහේ තියන සුන්දරත්වය බොහොම හොඳින් ආරක්ෂා වෙලා තියන බවක් තමා පෙනුනේ...

     ඔහොම යන අතර මගදී පාර දෙපැත්තේ වවල තිබ්බ අමුතු පොල් වගාවකුත් දකින්න ලැබුන....මම නම් හිතන්නේ මේවට කියන්නේ කටු පොල් කියල...අපි දෙනියායෙන් බැහැල ඊට පස්සේ නැග්ගේ මෙදිරිපිටිය කියන බස් එකට....පිටදෙනිය ඇතුළු වීමෙන් සිංහරාජ වනාන්තරය සංචාරය කරන්න යනවා නම් මුලින්ම මෙදිරිපිටියට යන්න ඕන...අපේ අරමුණ උනේ සිංහරාජයේ ඇතුලේ පිහිටලා තියන පිටදෙනිය සහ  ලංකා ගම කියන පැරණි ගම්මාන දෙකත් ඒ අවට වනාන්තරයත් සංචාරය කරන්න.
"මම නම් හිතන්නේ මේවට කියන්නේ කටු පොල් කියල..."
     මෙදිරි පිටියේ ඉදන් පිටදෙනියට තිබ්බේ ගිංගඟේ ඉවුරත් එක්කම වගේ වැටිලා තිබ්බ පුංචි අඩි පාරක්.අපි නවතින්න හිතාගෙන ගියපු වන නිවහන තිබ්බෙත් ගිංගඟේ ඉවුරෙමයි. ඔතන ගඟ හරස් කරලා වැල් පාලමක් බැඳලා තිබ්බා .ඔය වැල් පාලමට වෙලා අක්කර දාස් ගානක් පැතිරුණ සිංහරාජය  දිහා පැය ගානක් උනත් බලාගෙන ඉන්න පුළුවන්....


වැල් පාලමට වෙලා අක්කර දාස් ගානක් පැතිරුණ සිංහරාජය  දිහා පැය ගානක් උනත් බලාගෙන ඉන්න පුළුවන්....
     පලවෙනි දවසේ නම් වැඩිය ඇවිදින්න උනේ නැහැ...පහල ගඟෙන් හොදට නාගෙන කෑම එහෙම කාල ඉවර වෙනකොට හවස හතරත් පහුවෙලා.....පාලමට පොඩ්ඩක් එහායින් තිබ්බා ආරනුව දොළ කියල ගිංගඟේ අතු ගංගාවක්...ඔන්න ඔය දියපාර හරස් කරලා හදල තිබ්බා යකඩ පාලමක්....
"දන්නවද මේ පාලමේ වැදගත්කම ...?"
"මේකේ එක කොනක් අයිති වෙන්නේ මාතරට...අනික ගාල්ල දිස්ත්‍රික්කෙට......! "
     ඔහොම කිව්වේ අපිත් එක්ක ආපු ගයිඩ්...ඉස්සර වගේ නෙමේ දැන් ඔය පැත්තෙන් සිංහරාජෙට යනවනම් ගයිඩ් කෙනෙක් එක්කම යන්න ඕන....

   හවස ආපහු නවාතැනට එද්දි අපිට හම්බඋනා පොලොන් තෙලිස්සෙක්...මං දන්න විදියට කුණකටුවා කියන්නෙත් මූටම තමා. කොළ රොඩු අස්සේ හිටපු මූව දැක්කෙත් අහම්බෙන් වගේ....පෑගුනානම් ඉතින් ඉවරයි තමයි....!

     ඊළඟ දවසෙ උදේ පාන්දරම අපි ලංකා ගම දිය ඇලි බලන්න පිටත් උනා....කැලේ මැද්දෙන් යන ගමනේදී අපිත් එක්ක ආපු ගයිඩ් එක එක ගස් ජාති පෙන්න පෙන්න ඒවායෙ නම්,ප්‍රයෝජන එහෙම කියන්න ගත්තා...මුලදී අපි  ගස් වල නම් මතක තියාගන්න ට්‍රයි එකක් දුන්නත් දිගටම ඕක කොරන්න පුලවන් උනේ නෑ...මම ජීවිතේ පලවෙනි පාරට කැහිබෙල්ලෙක් දැක්කේ මෙහෙදී....හැබැයි ෆොටෝ එකක් ගන්න තරම් ලඟට දැක්කේ නෑ ...:(

ඊට අමතරව වලිකුකුළා,දඬු ලේනා,ඇහැටුල්ලා,පිනුම් කටුස්සා,පලා කටුස්සා කළු උකුස්සා වගේ සත්තු කීපදෙනෙකුත් ගමන අතර මගදී දකින්න ලැබුනා....


     ලංකා ගම සිංහරාජේ ඇතුලේ තිබ්බත් දැන් නම් ගොඩක් දියුණු ගම්මානයක්.නමුත් මේක ගොඩක් ඉස්සර ඉදන්  තිබිච්ච ගමක් කියලයි අහන්න ලැබුනෙ...
"මහත්තයා, මේකැලේ ගැන අපි දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩී....තාම මිනිස්සු පය නොගහපු තැන් ඕනතරන්.. කැලේ යද්දි පාර වැරදුනොත් දෙයියන්ගේම පිහිට තමා...මං දන්න කාලේදී නම් සිංහයෝ ගැන අහන්න ලැබිල නෑ....බොහොම ඉස්සර කාලෙක මේ කැලේ ඉඳල තියනවාලු දරුණු සිංහයෙක්... කැලේ මැද්දෙන් ගිය මිනිස්සුන්ට මේ සිංහයා හරියට කරදර කරලා තියනවා...ලංකා කියල තරුණයෙක් මේ සිංහයාට ගල් වලින් ගහල මරල තියනවලු....ඔය සිංහගලට යන පාරේ තියන අමුතු ගල්ගොඩ සිංහයා මරලා දාපු තැන කියලයි ගම්මු විස්වාස කරන්නේ...ලංකා කියන තරුණය හිටපුගම තමා ලංකා ගම කියල අදටත් පැවත එනනෙ..."
ඔන්න ඔහොමයි ලංකාගම ගැන අපිට අහන්න ලැබුනෙ...
"සිංහරාජේ දැන් සිංහයෝ නැතිඋනත් දිවියෝ ඉන්නවා.මහත්තයා දැකල තියනවද කළු දිවියා...? බොහොම කලාතුරකින් තමා කළු දිවියෙක් දකින්න ලැබෙන්නේ...අලි උනත් ඉන්නවා.. එක කාලෙකට  ගම්වලටත් කඩාපාත් වෙනවා...එත් ලොකු කරදරයක් නම් නෑ..."
     සිංහරාජය ගැන පුරාවෘත්ත ගොඩක් තියනවා..ඒවයින් එක කතාවක් තමයි කැලේ මැද්දේ තියනව කියල විස්වාස කරන රජ මාලිගාව...කවුරුවත් ඔය කියන මාලිගාව දැකල නැති උනත් ගම්මු විස්වාස කරනවා කැලේ මැද්දේ කොහේහෝ රහස් ස්ථානයක රජ මාලිගාවක නටබුන් තියනවා කියන එක....සමහර විට එක ඇත්ත වෙන්නත් පුළුවන්..මොකද සිංහරාජේ එක එක යුගයන් වලදී ලංකාවේ තිබ්බ එක එක රාජධානි වල උරුමයක් විදියට සලකල තියනවා....ඉතින් කවුරු හරි රජ කෙනෙක් සතුරු ආක්‍රමණයක් ගැන හිතල කැලේ මැද්දේ ඔය වගේ තැනක් හැදුව වෙන්න බැරිද...?
මේක නම් ඉතින් රජ මාලිගාවක් නෙමේ.... ...!
මේක නම් මාලිගාවක් තමා ...හැබැයි ඇවිදින එකක් .....
    මීළඟට කියන්න යන්නේ ලංකාගම ආසන්නයේ කැලේ ඇතුලට වෙන්න තියන දියඇලි කීපයක් ගැන.පලවෙනි එක තමයි බ්‍රාහ්මණ ඇල්ල.පහලින් දක්වල තියෙන්නේ බ්‍රාහ්මණ ඇල්ලෙ ෆොටෝ එකක්....


එතකොට මේක තමයි තට්ටු ඇල්ල...
තට්ටු ඇල්ල
ඌරන් වැටුණු ඇල්ල (අනිත් ඒවත් එක්ක ගත්තහම මේක තරමක් ලොකු ඇල්ලක්) නම වැටිල තියන විදිය හිතා ගන්න පුළුවන්නේ....??
ඌරන්ට මොන සෞඛ්‍යයද කියල හැම මගුලේම ඇවිද්දත් අපි මෙතන නම් එච්චර දඟලන්න ගියේ නැහැ...කකුල් හතරක් තියන ඌරොත් වැටුනානම් අපි ගැන මොන කතාද...?? :) 


ගල්ඔරුව (මේක තරමක් වෙනස් තැනක්.ඇල්ලක් කිව්වට පටු ගල් බිත්ති දෙකක් අස්සෙන් වේගයෙන් ගලාගෙන යන දිය පාරක් කිව්වොත් වඩා නිවැරදියි).මේක බලන්න යන එක තරමක් අවදානම් වැඩක්.යන්තමින් හරි කකුල ලෙස්සුවොත් නවතින්නේ අඩි ගානක් පල්ලෙහා ගල් කුහරෙ අස්සේ...

දූවිලි ඇල්ල - සිංහරාජේ දූවිලි ඇලි කීපයක්ම තියනවා.මේක ඒවායින් එකක්.නාගන්න නම් කියාපු තැන...
දූවිලි ඇල්ල  
     හවස පිටදෙනියේ වන නිවහනට ආපහු එන ගමන් පිටදෙනිය ගම ආසන්නව පිහිටලා තියන තවත් ඇල්ලක් බලන්න ලැබුනා කැකුණ ඇල්ල කියල.මේකේ තටාකය ගොඩක් ගැඹුරුයි. අපිත් එක්ක ආපු ගයිඩ් අපිට අනතුරු ඇඟව්වා නාන්න නම් එපා කියල...
"මේක බලන්න ආපු එක්කෙනෙක් ඔතන නාන්න ගිහින් ගිලිලා මැරුණා...මිනිය ගොඩ ගත්තේ ආමි එකෙන්.."

කැකුණ ඇල්ල
     අපේ නවාතැනට එනකොට ටිකක් හවස් වෙලා තිබුනා...නාගෙන එහෙම රෑ කෑම එක හම්බ වෙන කන් පොඩි චැටක් දාගෙන ඉදිද්දී දන්නෙම නැතුව කරුවල වැටිලා.

     කරුවලේම අපි සංගිලි පාලම දිගේ ගඟ මැදට ඇවිදගෙන ගියා.හඳ වලකුලකින් වැහිල තිබ්බ නිසා පට්ට කරුවලයි.නමුත් රෑට ගඟේ සද්දේ වඩා පැහැදිලිව ඇහෙනවා.....පැය ගානක් උනත් එකදිගට ගඟේ ඝෝෂාව අහගෙන ඉන්න පුළුවන්....එක පාරටම වගේ හඳ වලාකුළුවලින් මෑත් උන හින්ද අපිට පහලින් ගලාගෙන යන ගඟත් වනාන්තරයත් පැහැදිලිව දකින්න ලැබුන... හඳ එලිය වැටුණු වනාන්තරයෙත් ගඟ දියෙත් සුන්දරත්වය වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ....ඒවගේ තැනකට ගිහිල්ලම තමා බලන්න ඕන...

     ඊළඟ දවසේ පාන්දරම අපි ටිකක් කැලේ ඇතුලට ගියේ තවත් දිය ඇලි දෙකක් බලන්න.යන අතර මගදි දැකපු දෙයක් තමයිමේක...පේනවද මේ ගහේ කඳේ තියන අමුතු කැපුම් පාර...?
     මේ තියෙන්නේ දොරණ කියල ගස් වර්ගයක්.ඉස්සර මිනිස්සු දොරණ තෙල් ගන්න මේ විදිහට ගහේ කඳ හරහා කපල යටින් භාජනයක් තියනවලු.හැබැයි මෙහෙම කරාම ගහට වෙනදේ  ගැන අහන්න ඕන නැහැනේ...:(  
     ගහක් ගැන කතාවක් පටන් ගත්ත හින්ද මේගමම්ම ගමනේදී දැකපු තවත් ගස් දෙකතුනක් ගැන කියල දාන්නම්...අහල තියනවා නේද සිංහරාජේ තියන යෝධ නවද ගහ ගැන...?එක තියෙන්නේ කුඩාව පැත්තේ...පිටදෙනියේදි අපිට හම්බඋනා ඒ වගේම යෝධ ගහක්...හැබැයි මේක හොර ගහක්...
යෝධ හොර ගහ 
     රූපලාවන්‍යයට උනන්දු අයට පහල තියන ගහ බොහොම වැදගත් එකක්...මේවට කියන්නේ කොකුම් පොතු කියල.මමත් ඔය නම අහලතිබ්බත් ගහ දැක්කේ එදාමයි...

 කොකුම් පොතු  
     එතකොට මේවට කියන්නේ වල්කෝපි කියලලු...බලන්න කෝපි වගේම නේද කියල....? 
වල්කෝපි  
    මොණර කුඩුම්බිය කියලගස් ජාතියකුත් අපිට හම්බ උනා මගදි.හැබැයි මේ අපේ ගෙවතු වල දකින්න තියන වර්ගේ නම් නෙමෙයි.මේක මොණරෙක්ගේ ඔලුවේ තියන කොටස වගේම හින්ද වෙන්න ඇති ඔය නම වැටිල තියෙන්නේ...

මොණර කුඩුම්බිය
   ඔහොම යන අතරමගදි අපි දැක්ක බිම වැටිලා ඉන්න යෝධ මකුළුවෙක්...මටනම් හිතෙන විදිහට මේකා දිවි මකුළුවෙක්....දිවි මකුළුවෝ කියන්නේ බොහොම විෂ සහිත සතෙක්...දෂ්ට කලොත් එහෙම මාරාන්තිකයි කියලයි අහල තියෙන්නේ...මූ හිටියේ පුංචි සතෙක්ව අල්ලාගෙන....අපි වැඩිය ලඟට ගියේ නැහැ....ඉල්ලන් කන්නේ මොකටද ඉතින්...:)
මටනම් හිතෙන විදිහට මේ දිවි මකුළුවෙක්
    ඇමේසන් වගේ වනාන්තර වල ඉන්නවලු දරුණු කුහුඹු වර්ගයක්  ඕනම සතෙක් විනාඩි කිහිපයක් ඇතුලත කාල දාන්න පුළුවන්.ඔය වගේ කුබි ජාතියක් ගැන ෆිල්ම් එකකුත් තිබ්බ වගේ මතකයි.මේ යෝධ කුඹි රැල දැක්කහම අපිට මතක් උනේ අර කියපු දරුණු කුබි වර්ගෙ ගැන.මුන් හම්බඋනේ මල්මොර ඇල්ලට යන පාර අතර මගදි.ගෙරි කුබි කියලයි මුන්ට  කියන්නේ....අරවගේ දරුණු ජාතියක් නම් නෙමේ.හැබැයි කඩියෙක් විතර ඇති සයිස් එක.



දෙවැනි දවසේ බලන්න ගිය පතන් ඔය ඇල්ලත් මල්මොර ඇල්ලත් පිහිටලා තියෙන්නේ මහ වනය මැද්දේ...ගමන ටිකක් දුරයි.දවස් දෙකක් ඇතුලත දිය ඇලි අටක් බලපු අපිටත් දිය ඇලි එපාඋන එකේ මේක කියවන ඔයාලට කොහොම එපා වෙයිද....හේ හේ ....
පතන් ඔය ඇල්ල
මල්මොර ඇල්ල
 ගත්ත ෆොටෝ සේරම දාන්න ගියොත් මේක ඉවරයක් වෙන්නේනැහැ...මල්මොර ඇල්ල බලල දවල් දොළහ විතර  වෙද්දි අපිට ආපහු නවාතැනට එන්න ලැබුනා.බඩු ටික එහෙම පැක් කරගෙන ආපහු යන්න ලැහැස්ති උනේ ගොඩක් රෑ වෙන්න කලින් කොළඹට යා ගන්න ඕන නිසා...ලිපිය අවසාන කරන්න කලින් ගමනේ අතරමගදී ගන්න ලැබුන තවත් සේයාරූ කීපයකුත් දාගෙනම යන්නම්.දවසක් විතර කට්ට කාගෙන ටයිප් කරපු හින්ද කොමෙන්ටුවක් දාගෙනම යන්න හොඳේ....:)
කිතුල 
Time to say good bye...

32 comments:

  1. Replies
    1. ටැන්කූ ටැන්කූ රුමා....!

      Delete
  2. සෑහෙන්න වටින ලිපියක් සහෝ.ෆොටෝ ටික නම් නියමයි අපි ඉතින් ඕවා ගිහින් දැකගන්න ඈ!!

    ReplyDelete
    Replies
    1. හෙ..හේ..ගිහින් බලන්නත් පුළුවන්...හැබැයි ඉතින් දවස් දෙක තුනක නිවාඩුවකුයි ඔයවගේ ගමනක් යන්න පුළුවන් සෙට් එකකුයි හොයා ගන්න ඕන...

      Delete
  3. ට්‍රිපත් මරු, පින්තූර ටිකත් මරු ලිවීමත් මරු! සිංහරාජෙ කියන්නෙ අනිවා බලන්න යන්න ඕන තැනක්. කාලෙක ඉඳන් ඒ හීනෙ තියෙනව මටත්!

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලානං ලේසියි මචෝ!

    ReplyDelete
    Replies
    1. ඇත්තට මෙච්චර දවසක් ඕක මීටර් උනේ නෑනේ මට....ස්තුතියි කමෙන්ටුවට...සිංහරාජේ යන්න කුඩාව,පිටදෙනිය,මොර්නින් සයිඩ් කියන ප්‍රධාන එන්ට්‍රන්ස් 3ක් තියනවා...මට නම් වැඩියෙන්ම හිතට අල්ලලා ගියේ මේ පැත්ත...යනවනම් මෙතන කලින් බූක් කරලා යන්න ඕන....

      Delete
  4. නියමයි, මමත් වතාවක් ඔතනට ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ෆොටෝස් ගන්න නම් මරු පේලේස් එක නේද...?

      Delete
  5. good work )) yanna asai ,, nawathane contacts denna puluwannam maru,,

    ReplyDelete
    Replies
    1. අවසර ගන්න ඕන බත්තරමුල්ලේ සම්පත් පාය ගොඩනැගිල්ලේ තියන වන සංරක්ෂණ කාර්යාලයෙන්...දැනට මන් ගාව නම්බර් එක නැහැ...හොයාගෙන පොස්ට් එක අප්ඩේට් කරන්නම්...කොහොම උනත් කෝල් කරලා බුක් කරන්න බැහැ...කවුරුහරි එතනට යන්නම ඕන...ඔය කියන තැනින් සිංහරාජේ-පිටදෙනියේ නවාතැන ගැන විස්තරේ ඇහුවහම කියයි ඉඩ තියන දවස්....

      Delete
    2. මේ අංක වලින් එකකට කතාකරලා බලන්න 0112866631, 0112866632, 0112875540 . පහල කමෙන්ටුවක වැඩි විස්තර දාල ඇති...

      Delete
  6. නියමයි යාළුවා.නියමෙටම තියෙනවා.
    කිසිමදාක ගිහින් නැති පැත්තක්,මේක දැක්කාම යන්නම ඕනි කියලා හිතුනා.
    උදාවෙන අළුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. දවස් දෙක තුනක නිවාඩුවකට කියාපු තැනක්...ඔබටත් මේ ලබන අලුත් අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා...!

      Delete
  7. සිරාවට ලියල තියනව මචන්,ටිකත් නියමයි. එකකකින් ගැහැවයි කියල හිතන්නත් බෑ රෑ එලි වෙනකන් ජබර ගැහැව්වයි කියලත් දාන්න එපැයි :P

    ReplyDelete
    Replies
    1. හොඳ කැමරාවක් ගන්න ආසාවක් තියනවා...තාම ප්‍රතිපාදන වෙන්කරගන්න බැරි උනා.....; ඇත්ත නේන්නං....ට්‍රිප් එකේ ප්‍රධානම අංගයක් මට මිස් වෙලානේ.....මම එදාම තමයි ඔය ජබර ගැහිල්ල ඉගන ගත්තෙත්...

      Delete
  8. මචෝ මෙතන කි දෙනෙක්ට ඉන්න පුලුවන්ද?
    එක දවසකට නවාතැනට කියක් යනවාද ?කෑම,බිම කොහොමද?
    පොඩි කමන්ට් එකක් දානවද......?
    අනික මොකක්ද යාළුවා ඔයාගේ කැමරාවේ වර්ගය....??

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව දැක්කේ දැන්...අපි මෙහේ ගියේ ගිය අවුරුද්දේ...බුක් කරන්නේ බත්තරමුල්ලේ සම්පත් පාය ගොඩනැගිල්ලේ තියන වන සංරක්ෂණ කාර්යාලයෙන් එතනට කවුරුහරි යන්න ඕන වැඩේට..( මේ අංක වලින් එකකට කතාකරලා බලන්න 0112866631, 0112866632, 0112875540) මෙතන නවාතැන් තුනක් තියනවා.තුනම තියෙන්නේ එක ළඟ.විස්තර මෙහෙමයි...
      1.වනිගසේකර හෝල් - 15 කට විතර ඉන්න පුළුවන්.එක රැයකට 5000 ක් විතර(එතකොට එක්කෙනෙකුට වැටෙන්නේ පොඩි ගානක් නේ..)
      2.පිටදෙනිය නිවහන - මේකෙත් 15 කට විතර ඉන්න පුළුවන්.එක රැයකට 8000 ක් විතරවගේ කියලයි මතක...
      3.ගිංගඟ වන නිවහන - මේක නම් ෆැමිලි එකකට වගේ ඉන්න පුළුවන් එකක්(4 දෙනෙක් 5 දෙනෙක් වගේ)
      මන් දාල තියන මිල ගණන් දැන් ටිකක් වෙනස් වෙලා ඇති....අපි බඩු ගෙනිහින් දුන්නහම මෙහෙ ඉන්න කට්ටිය උයල දෙනවා..
      හී හී.. කැමරාවක් කිව්වට ඉතින් මේ ෆොටෝස් ගත්තේ SONY Ericsson ෆෝන් එකකින් (8 මෙගා පික්සල් කැමරාවක්)

      Delete
    2. බොහෝම ස්තුතියි සහෝදරයා විස්තර වලට.
      අනිවර්යෙන්ම යන්නම ඕනේ.
      ෆෝන් එකකින් ගත්ත ෆොටෝස් කියලා කියන්න බැ.ඒ තරම්ම අපුරුවට තියෙනවා.

      Delete
  9. අගනා විස්තරයක්. ෆොටෝ ටිකත් එල. උඩ තියන්නේ කටු පොල් වගේ. අර සර්පයා කුණකටුවා තමයි. ඒත් මේ ප්‍රදේශයේ ඉන්න උන්ගේ පාට මීට වඩා වෙනස්.
    http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D

    ඉන්නකෝ. අනෙක් ලිපි ටික නිවාඩු පාඩුවේ කියවන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඔය පොල් වර්ගයේ නම කිව්වේ අපිත් එක්ක ආපු කෙනෙක් ...මට හරියට මතක නැතුව කුරු පොල් කියල දාල තිබ්බේ..කටු පොල් වෙන්න ඕන හරි නම....ඔන්න වෙනස් කළා...ස්තුතියි නිවැරදි කිරීමට.
      දාල තියන ලින්කුවටත් ස්තුතියි...පොලොන් තෙලිස්සාගේ වෙනස් වර්ණ තියන උන් ගොඩක් ඉන්නවා නේද.....http://priyantha-ab.blogspot.com/2011/01/hump-nose-viper.html මෙන්න මේ බ්ලොග් පොස්ටුවේ තියන විස්තර වලට මම දාල තියන ෆොටෝ එකේ ඉන්න එකා බොහෝ දුරට ගැලපෙනවා...අර අංශක 45 කතාව එහෙම...

      Delete
    2. ප්‍රියන්තගේ "මගේ මතක" බැලුව. මේ ගැන සෑහෙන විස්තර ටිකක් තියනවා එකේත්. :)

      Delete
  10. niyama post eka , niwadupaduwe mama serama post tika kiyawanawa. Adamayi site ekata awe

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා...

      Delete
  11. ගොඩක් සාර්ථකයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රය ...!

      Delete
  12. ඔයාගේ ලිපිය නියමයි.පින්තූර ටික ගොඩක් ලස්සනයි.අපිටත් යන්න ඇත්නම් කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තුතියි...:)

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ෆට්ට article එක මචං. නියමයි......keep it up...... :)

    ReplyDelete
  15. ඇයි අලුතෙන් දෙයක් ලියන්නේ නැත්තේ?
    එල ද බ්‍රා

    ReplyDelete

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...