Sunday, August 30, 2015

මානැල්ල | Manalla




          සල්ගල අරණ්‍ය සේනාසනය හොයාගෙන ගිය ගමන අවසානයේදී අපිට හම්බඋන තවත් සුන්දර දිය ඇල්ලක් ගැනයි මේ කියන්න යන්නෙ.ඇත්තම කිව්වොත් මේ දියඇල්ල අපිට හම්බඋනා නෙමෙයි හෙන කට්ටක් කාගෙන හොයාගෙන ගිය එකක්...සල්ගලට ගොඩක් ලඟින් තියන බවක් ආරංචි උනත් හරියටම පාරක් දන්නේ නැතුව ආපු නිසා ඇල්ල හොයාගන්න එක ලේසි උනේ නැහැ.සල්ගල වන අරණේ පැය ගානක් ඇවිදපු හින්දයි ඔය කාලේ Man Vs Wild බලබල ඒවගේ ඒව කරන්න තිබ්බ උණ හින්දයි අපි ආපහු මහපාරට නොගිහින් මගදි හම්බඋන දිය පාරක් දිගේ ඇල්ල හොයාගෙන යන්න තීරණය කළා....:P

"මචන් අපි මේ ඇලපාර දිගේ යමු.ටිකක් දුර යනකොට  අපිට ගමක් හම්බවෙයිනේ...එතකොට ඕක ගැන විස්තර හොයා ගන්න පුළුවන් වෙයි..."

මුලින් මුලින් ඇලපාර දෙපැත්තේ මැටි වලින්,බ්ලොග් ගල් වලින් හදාපු ගෙයක් දෙකක් දකින්න තිබ්බා.මානැල්ල දියඇල්ල තිබ්බේ වේරගල කියන පැත්තේ..ඉතින් අපි ඔය ගෙදරකින් අහල බැලුව වේරගලට යන කෙටි පාරක් තියනවද කියල...අන්තිමට හම්බඋන ගෙදරින් කිව්වේ මෙන්න මෙහෙම...

"කැලේට  ඇතුල් වෙන හරියෙම වගේ තියනවා ලඟදි හිටවපු කොස් ගහක්...එතනින් පොඩ්ඩක් ඇතුලට ගියාම පෙනෙයි ලඟදි හදල අතඇරලා දාපු ගෙපැලක්....එතන ඉඳන් තියනවා කැලේ ඇතුලෙන් මහපාර පැත්තට යන අඩි පාරක්...හැබැයි ඕක හොයාගන්න පුළුවන් වේද දන්නේ නැහැ..."

අපිත් ඉතින් ඩයල් වගේ ගිහින් කොස්ගහ හොයාගෙන එතනින් කැලේට ඇතුල්උනා...හැබැයි සෑහෙන වෙලා හෙව්වත් ගෙපලක් හම්බඋනේ නැහැ....දැන් අපි ඇලපාරට ගොඩක් ඈතින් හිටියේ...නමුත් වතුර පාරේ සද්දේ ඇහෙන හින්ද ආපහු ඇල ඉවුරට ගිහින් ඒක දිගේ යන්න පටන් ගත්තේ වෙන කරන්න දෙයක් නැති හින්ද....


        ඇලේ වතුර තිබුනේ යන්තමින් උනත් වැස්ස කාලෙට ලොකු වතුර පාරක් ගලන බවක් නම් පෙනෙන්න තිබ්බ.කොහොමහරි අපේ ගමන කෙලවර උනේ රබර් වත්තකින්....එතනින් ගම හරහා යන පාරකට ගොඩවෙන්න අපිට පුළුවන් උනා.එහෙන් මෙහෙන් මගදි හම්බවෙන අයගෙන් විස්තර ඇහුවත් කවුරුවත් මානැල්ල කියල ඇල්ලක් ගැන හරියට හෝඩුවාවක් දුන්නේ නැහැ....එක එක්කෙනා කියපු විස්තර වල හැටියට අතුරු පාරවල් වලින් හැරි හැරී අන්තිමට ඇල්ල ලඟට යනකොට හවස 3ත් පහුවෙලා.

      මානැල්ල, කෑගල්ල පැත්තේ තියන තරමක් උස දිය ඇලි වලින් එකක්.මීටර් 20ක් විතර ඇති උස.සංචාරකයින් අතර එච්චරම ප්‍රසිද්ධ නැති උනත් ,සුන්දර මානැල්ල කැලේ මැද්දේ තනිකරන්න ගමේ කොල්ලෝ ටික නම් ඉඩදීල නැති හැඩක් තමා අපටනම් පේන්න තිබ්බේ...බලන්නකෝ ගලඋඩ කීදෙනෙක් ඉන්නවද කියල...
 
බලන්නකෝ ගලඋඩ කීදෙනෙක් ඉන්නවද කියල...
    මානැල්ල බලන්න යනවනම් කොටියාකුඹුර පැත්තෙන් එන එක ලේසියි.සංචාරයේදී පරිසරයටත් ගම්වාසීන්ටත් බාධා නොකර හැසිරෙන්න කියල මතක්කරන ගමන් අදට කැමරාවෙන් සමුගන්නයි යන්නේ.ලංකාවේ තවත් සුන්දර තැනක් ගැන ලිපියකින් නැවත හමුවෙනතුරු හැමෝටම ආයුබෝවන්...!





16 comments:

  1. අහල නැති දුර්ලභ දියඇල්ලක්. ස්තූතියි මිත්‍රයා තොරතුරු ගෙනාවාට.
    සෑහෙන කාලෙකින් ඔයා ලිපියක් දාලා තියෙනවා දැක්කම ලොකු සතුටක් ඇති වුණා. දිගටම ලියන්න. මේ වටින බ්ලොග් එක පාළුවට අරින්න එපා...

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් දැම්මේ සැහෙන කාලෙකින් තමා..ස්තුතියි මිත්‍රය මේ පැත්තේ ආවට...තාම සොබාරූ ලියාගෙන යනවනේද ?

      Delete
    2. //අපිත් ඉතින් ඩයල් වගේ ගිහින්// ඩයල් තියෙන්නේ ඔරලෝසුවේ නේද මචෝ එව්වා කොහොමද යන්නේ.

      Delete
    3. අමාරුවෙන් කාලය හොයාගෙන ලියාගෙන යනවා. දැන් හැබැයි මාසෙකට එකක් වගේ තමයි ලියවෙන්නෙ.
      @ඇනෝ - :D

      Delete
    4. @ano : ඔයවගේ වචනත් ඉතින් අපි කතාකරනකොට පාවිච්චි කරනන්වනේද " මචන් " :)

      Delete
  2. එළ,කිව්වත් වගේ සැහෙන කාලෙකින් !

    ReplyDelete
    Replies
    1. පරණ කට්ටියට තාම බ්ලොග් එක මතකයි වගේ :) වෙලාවක එන්නම් ඒ පැත්තේ......සෑහෙන කාලෙකින් තමා මේ පොස්ට් එකක් දැම්මේ..

      Delete
  3. එල ද බ්‍රා...
    අපි දවසක මේ ඇල්ල බලන්න ගියොත් පාර කිව්වට උඔට පිං

    ReplyDelete
    Replies
    1. එළකිරි ..පොස්ට් එකේ අගට ගූගුල් මැප් එකේ ෆොටෝ එකක් දැම්මා ...පාර හොයාගන්න අමාරු වෙන එකක් නැහැ

      Delete
  4. ඩිල්ශාන් මේක මානැල්ල ද මානා ඇල්ල ද? පොඩි ගූගල් මැප් කෑල්ලක් දාන්නකෝ.
    පින්තූර ටික අගෙයි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඩිල්ෂාන්ට නෙවෙයි කොමෙන්ට් එක සංචාරක කැමරාවට

      Delete
    2. විචාරක : ගූගුල් මැප් එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් පොස්ට් එකේ අගට දැම්මා...click කරලා බලන්න...මැප් එකේ කොටියාකුඹුර හරියේ බැලුවනම් හොයාගන්න පුළුවන්.....මම නම් අහල තියනවිදිහට මානැල්ල තමා නම ...

      Delete
  5. හරිම අපුරු තැනක්...අපේ ගම්පලාතේ....

    ReplyDelete
  6. ආයෙ ලියමුද සහෝදරයා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔන්න එකක් ලියාගෙන යනවා...හෙට පබ්ලිෂ් කරන බැලුවේ... :)

      Delete

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...