මෙහි වූ ලෙනෙහි
විශේෂත්වය එහි පියස්සෙන් ඇදහැලෙන මනරම් දිය ඇල්ලයි.ගුහාවක් ඉදිරියෙන් ඇදහැලෙන
දියඇල්ලක් ඉතා දුර්ලභ දසුනකි.ලංකාවේ මෙවැනි ස්ථාන ඇත්තේ කිහිපයක් පමණක් වියයුතුය.
"නාමුද.......? මේකට ඔලුව අල්ලන්න විතරයි
තියෙන්නේ.."
"යකෝ පට්ට හීතලයි නේ...."
සිහින් දියකඳ මගේ පිට මත වැටෙන විට දැනුනේ බොරළු
කැට ගොඩකින් පිටට දමා ගසනවාක් වැනි හැගීමකි.
.................................................................................................................................................
අපහට
කිතුල්ගල බෙලිලෙනට යාමට හැකිවුයේ කිතුල්ගල water rafting කිරීමට පැමිණිවිටකදීය.බෙලිලෙන පිහිටා ඇත්තේ
කිතුල්ගලින් මහබාගේ දෙසට ඇති මාර්ගයෙහි කිලෝමීටර් පහක් පමණ ගිය තැන වන අතර අපේ
නවාතැන්පල පිහිටියේ මහබාගේ මාර්ගයේ අතරමග බැවින් පයින් යාහැකි කෙටිමගක් සොයාගත හැකි විය.
ඉංඔය
රබර් වතුයාය මැදින් ගමන්ගන්නා මාර්ගය තරමක් රළුය.
අප
ගමන ආරම්භ කලේ පාන්දරිනි.තවමත් හරිහරි මිහිදුම පහව ගොස් නොතිබූ අතර හිරු එලිය
වැටුනේද යන්තමින්ය.තවමත්
කොළ නොහැලුනු රබර් ගස් අතරින් විහිදෙන හිරු කිරණ
පැහැබර උදෑසනක සජීවී ච්ත්‍රයක් අප ඉදිරියේ මවාලයි.
මද
වෙලාවකින් අප තරමක් එළිමහන් වූ උස් බිමකට ලඟාවූ අතර මෙහිදී අපට දොළොස් බාගේ
කඳුවැටියේ කොටසක මනරම් දර්ශනයක් දැකගත හැකිවිය.
සුන්දර දොළොස්බාගේ |
කෙටි විවේකයකින් පසු අපි නැවතත් ගමන ආරම්භ
කළෙමු.මෙවර මාර්ගය වැටී තිබුනේ වන ලැහබක්
අතරිනි.
"ඇයි මේකට බෙලිලෙන කියන්නේ....? "මගේ මිත්‍රයෙකු
කටහඬ අවදි කළේය.
"ඕකේ තිබිල හම්බවෙලා තියනවලු ගොලුබෙලි කටු
ගොඩක්.....ඉස්සර හිටපු මිනිස්සු ගස්වල ඉන්න ගොලුබෙල්ලෝ කාල තියනවා....!"
"සිරාවට...? ඔය කොයිකාලේ හිටපු උන්ද
බන්....??"
"හම්බවෙලා තියන බෙලිකටු අවුරුදු 10000
ක් විතර පරණයිලු...හැබැයි ඕකෙන් හම්බවෙලා තියන ගල් ආයුධයි සත්තුන්ගේ ඇටකටු වලින්
හදපු ආයුධයි නම් අවුරුදු 30000 ක් විතර පරණයි කියල කියන්නේ...."
තවත් ටිකදුරක් ඇවිද ගිය අපි කුඩා ප්‍රමාණයේ
තේවත්තක් ද ලැයිම් කිහිපයක්ද පසුකලෙමු.මාර්ගයට දකුණු පසින්, වනාන්තරය තුලවූ
ගල්කුලකින් ඇද වැටෙන සිහින් දියඇල්ලක්
හදිස්සියේම අපේ නෙතුගැටුනි.
"මං හිතන්නේ ඔතන තමා ලෙන
ඇත්තේ..." |
"මේ හරිය රක්ෂිතයක්ද ...?"
"ඔව්... අක්කර 30 ක විතර පොඩි පුරාවිද්‍යා
රක්ෂිතයක් තියනවලු..."
මෙහි ජීවත්වූවන් මධ්‍ය ශිලා යුගයට අයත්ය.හෝමෝසේපියන් බලන්ගොඩෙන්සිස් යන නමින් හඳුන්වන මොවුන් පිලිබඳ සාක්ෂි මුලින්ම හමුවී ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයෙනි.අනෙක් වැදගත් කරුණ වන්නේ මෙහි ලෙන ඉදිරියෙන් හමුවූ පැරණි ගල් බැම්මයි.එය ශ්‍රිලංකාවේ පෙදරේරු ශිල්පය සම්බන්දයෙන් හමුවී ඇති පැරණිම සාක්ෂිය ලෙස සැලකේ.
මද වේලවකින් අපට බෙලිලෙනට යන අතුරුමාවතක් හමුවිය.
බෙලිලෙනේ ප්‍රධාන වශයෙන් ලෙන් තුනකි.මැදින්
ඇති ලෙන තරමක් විශාල අතර බොහෝ කැනීම් සිදුකර ඇත්තේද එහිය.දිගින් අඩි 60ක්ද පළලින් අඩි 40ක්ද පමණ වූ මෙහි
මෑතකදී කරවන ලද නටබුන් වූ විහාරයක්ද දකින්නට ලැබිණ.
අනෙක් පසින් වූ ලෙනෙහි විශේෂත්වය එහි
පියස්සෙන් ඇදහැලෙන මනරම් දිය ඇල්ලයි.ගුහාවක් ඉදිරියෙන් ඇදහැලෙන දියඇල්ලක් ඉතා
දුර්ලභ දසුනකි.ලංකාවේ මෙවැනි ස්ථාන ඇත්තේ කිහිපයක් පමණක් වියයුතුය.මා මෙවැනි තැනක්
ගැන මීට කලින් අසා ඇත්තේ නකල්ස් වල පිහිටි සේර ඇල්ල පමණි.මෙහි එතරම් ජල කඳක්
නොවූයෙන් දිය ඇල්ල වැසිකාලයට පමණක් ඇතිවන එකක් වියයුතුය.
ඇල්ල පිටුපස පිහිටි ලෙන,වවුල්
රාජධානියකි.ගුහාව මදක් පිරික්සූ අප නැවත ඇල්ල පාමුලට ගියෙමු.
"නාමුද....? මේකට ඔලුව අල්ලන්න විතරයි
තියෙන්නේ.."
"යකෝ පට්ට හීතලයි නේ...."
සිහින් දියකඳ මගේ පිට මත වැටෙන විට දැනුනේ බොරළු
කැට ගොඩකින් පිටට දමා ගසනවාක් වැනි හැගීමකි .
"නාමුද....? මේකට ඔලුව අල්ලන්න විතරයි
තියෙන්නේ.." |
මෙහි ජීවත්වූවන් මධ්‍ය ශිලා යුගයට අයත්ය.හෝමෝසේපියන් බලන්ගොඩෙන්සිස් යන නමින් හඳුන්වන මොවුන් පිලිබඳ සාක්ෂි මුලින්ම හමුවී ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයෙනි.අනෙක් වැදගත් කරුණ වන්නේ මෙහි ලෙන ඉදිරියෙන් හමුවූ පැරණි ගල් බැම්මයි.එය ශ්‍රිලංකාවේ පෙදරේරු ශිල්පය සම්බන්දයෙන් හමුවී ඇති පැරණිම සාක්ෂිය ලෙස සැලකේ.
බෙලිලෙනේ සිටි ආදිවාසින් සම්බන්දයෙන් වැදගත් කරුණු රාශියක් එහි සිදුකර ඇති
කැනීම් වලින් සොයාගෙන ඇත.මෙහිදී මොවුන් විසින් බෙල්ලන්ට අමතරව ඌරන්,ගෝනුන්,මීමින්නන්,හාවුන් වැනි සතුන්ද ආහාරයට ගෙන
ඇති බවටද ලුණු පරිහරණය කර ඇති බවටද වර්ණ භාවිතය පිළිබඳව දැනසිටි බවටද පැහැදිලි
සාක්ෂි හමුවී ඇත.
බෙලි ලෙනට අමතරව ලංකාවේ බොහෝ තැන් වලින් අප රටේ විසූ ආදිවාසින් සම්බන්ධව තොරතුරු හමුවී ඇති අතර පාහියන් ගල,බටදොඹ ලෙන,බටතොට ලෙන,ඇඹිලිපිටිය රංචමඩම,අලවල ඉන් ප්‍රධානය.ආදී මානවයින් සම්බන්ධයෙන් ලංකාවට විශේෂ තැනක් හිමිවන්නේ ආසියාවේ පැරණිම මානවයන් ලෙස සැලකෙන සුප්‍රකට පීකිං මානවයා මෙන්ම ජාවා මානවයාටද වඩා බලන්ගොඩ මානවයා ඉපැරණි වීමයි.බලන්ගොඩ මානවයාගේ ඉතිහාසය දිවයන්නේ මින් වසර 37000 ක් පමණ පෙර අතීතයකටය.නමුත් පුරාවිද්‍යාඥ පී. ඊ. පී. දැරණියගල මහතා ගේ මතය වන්නේ මෙහි මානව සම්භවය මින් වසර ලක්ෂ පහක් පමණ ඈතට දිවයන බවය.සාක්ෂි හමුවී නැතත් මෙම මානවයින් උතුරු ප්‍රදේශයේ මාන්කුලම් වල සිටිබවටත් වසර 250000 ක් පමණ පැරණි මානවයන් යාල භූමියේත් වසර 125000 පමණ පැරණි මානවයන් බූන්දල ප්‍රදේශයේත් සිටිබවට මතයක් පවතී.ඇතැම්විට ඔවුන් පිළිබද සාක්ෂි තවමත් මහවනයෙන් වැසී තිබෙන්නෙට පුළුවන.

බෙලි ලෙන කැණීම් |
වැදගත් තොරතුරු ටිකක්..ඔය ලෙන්වල කැනීම් කරන එක හරි විසාල රාජකාරියක්..
ReplyDeleteඔව් මමත් අහල තියන විදියට ඕක ටිකක් වෙලා යන පරිස්සමෙන් කරන්න ඕන වැඩක්...
Deleteස්තුතියි ලිපියට..බොහොම වෑදගත් ලිපියක්..
ReplyDeleteස්තුතියි..!
DeleteHonda Lipiyak.
ReplyDeleteස්තුතියි..!
Deleteඅද තමයි ආවේ මෙහේට ලිපි වාගේම පින්තූරත් වටිනවා ගොඩාක් ජය වේවා..
ReplyDeleteස්තුතියි පැමිණියාට...ඉස්සරහට පින්තුර වගේම වඩා විස්තරාත්මකව ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා...
Deleteබොහෝම අපුරුයි මිතුරා.ඔබ මේ දක්වා ලියා පල කල සියලුම ලිපි කියව්වා.තවත් විස්තර ටිකක් ඇතුල් උනානම් තවත් අපුරුයි කියා මට හැගෙනවා.
ReplyDeleteකොමේන්ටුවට ස්තුතියි...!ආපහු වෙලාවක එන්නම්කෝ ඔය පැත්තෙත් ....:)
DeleteWow... great pics. love them :)
ReplyDeleteThanks...! those are framed memories...:)
Deleteබොහොම වටිනා විස්තරයක්...
ReplyDeleteස්තුතියි..:)
ReplyDeleteGood dr
ReplyDeleteGood dr
ReplyDelete