Wednesday, October 17, 2012

කිරිගල්පොත්ත (Kirigalpoththa - Second highest peak in Srilanka).......


            ලංකාවේ උසම කදු මුදුන් වලින් දෙවැනි ස්ථානය ගන්න කිරිගල්පොත්ත කන්ද  පිහිටලා තියෙන්නේ හෝර්ටන් තැන්නේ.කඳු මුදුනට ළඟාවෙන්න,හෝර්ටන් තැන්නේ ලෝකාන්තය බලන්න යන ඇතුල් වීමේ ඉදන් කිලෝමීටර් 7ක් විතර පයින් යන්න වෙනවා.අපි ගමන පටන්ගත්තේ ඔහිය දුම්රිය ස්ථානයෙන්.ඔහියේ ඉදන් කිරිගල්පොත්ත කන්ද නැගල පට්ටිපොලින් එලියට ආපු අපේ සම්පුර්ණ ගමන කිලෝමීටර්36ක් විතර උනා.කදු නගින්න කැමති කෙනෙකුට වගේම හෝර්ටන් තැන්නේ ටිකක් ඇතුලට ඇවිදින්න කැමති කෙනෙකුට කිරිගල්පොත්ත සුදුසුම ස්ථානයක්....


           තෙවැනියට උස තොටුපොල කන්ද පිහිටලා තියෙන්නෙත් හෝර්ටන් තැන්නෙමයි.ජනප්‍රවාද වලට අනුව කිරිගල්පොත්ත කන්දෙත්  තොටුපොල කන්දෙත් ඉතිහාසය රාවණා රජු දක්වා දිවයනවා.රාවණා පුවතේ එන ත්‍රිකූට කදු යනු පිදුරුතලාගලත් කිරිගල්පොත්තත් තොටුපොලත් බව විස්වාස කරනවා.තොටුපොල කන්දට ඒ නම ලැබෙන්න හේතුව රාවණා රජුගේ දඩුමොණරය ගොඩබානලද  ස්ථානයක් නිසා බවටද විස්වාසයක් තියනවා.
            තණ පදුරුවල ලාකොළ පැහැයත් කුරු උණ පැදුරු වල තරමක් තද කොළ පැහැයත් නිල පැහැති අහසේත් සුදු පැහැති මීදුම් කැටි වලත් සුන්දර වර්ණ මිශ්‍රණයක් හෝර්ටන් තැන්න ගමන පුරාවටම දකින්න පුළුවන්. හෝර්ටන් තැන්නදි බහුලව දකින්න ලැබෙන්නේ ගෝන්නු උනත් වාසනාවකට හරි අවාසනාවකට හරි දිවියෙක් උනත් කලාතුරකින් හම්බවෙන්න පුළුවන්.
        කිරිගල්පොත්ත ගමනේදී අපිට එක්තරා අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්න උනා.ඔහිය දුම්රියපොලේ ඉදන් අපි පයින් එනකොට ස්ටේෂන් එකේ හිටපු බල්ලො දෙන්නෙකුත් අපේ පස්සෙන් ආවා.මුලදී අපි ඕක එච්චර ගණන්ගත්තෙ නැහැ...නමුත් හෝර්ටන් තැන්නේ ආපනශාලාව ගාව හිටපු කෙනෙක් බල්ලෝ දෙන්න දැකල අපෙන් මෙහෙම ඇහැව්වා..

   "මල්ලි , මේ බල්ලෝ දෙන්නත් අවේ ඔයගොල්ලෝ එක්කද...?"

   "ඔව්... ඔහියේ ඉදන් අපේ පස්සෙන් අවේ..."

   "ඔය ඉතින් මුන්දෙන්නගේ අන්තිම දවස තමයි.....! "  
  
   මිනිහ එකපාරටම එහෙම කිව්වම අපිට පුදුම හිතුනා...

   "ඒ මොකද......?"

  "දිවියට බල්ලන්ගේ ඉව දැනුනහම මුන් පස්සෙන් ඇවිත් අල්ලගන්නවා...දිවිය දැක්කට පස්සෙ මුන්    දුවන්නෙත් නෑ බයට ..."
මේක ඇහුවහම අපිටත් පොඩි බයක් ඇතිඋනා...මොකද මුනුත් අපිත් එක්කම ඇවිදගෙන එනහින්ද.....
        කිරිගල්පොත්ත කදු මුදුනට යද්දී මුන්දෙන්න අපිත් එක්ක ආවේ නැහැ...ආපනශාලාව ගාව කෑම තිබ්බ හින්ද වෙන්න ඇති....ඒ උනත් අපි කිරිගල්පොත්ත නැගල ආපහු ආපනශාලාව ගාවට එනකොට එතන හිටියේ  එක බල්ලයි...! කෙටි විවේකයකින් පස්සේ අපි පට්ටිපොළට යන ගමන පටන්ගත්තේ කරුවල වැටෙන්න කලින් හෝර්ටන් තැන්නෙන් එලියට යන්න  ඕන හින්ද...අර ඉතුරු වෙච්ච බල්ලත් අපේ පස්සෙන්ම ආවා.ටිකදුරක් යනකොට උගේ හැසිරීමත් ටිකක් අමුතු උනා.එක තැනකදී මූ පාර මැද නැවතිලා කැලෑව දිහා එකදිගට බලාගෙන හිටියා...ඔය වෙද්දි අපි කීපදෙනෙක් ආවේ ඉස්සරහින්...ටිකක් පිටිපස්සෙන් ආපු මගේ මිත්‍රයෙක් දැකල තියනවා කැලේ ඇතුලෙන් බල්ල දිහා බලාගෙන හිටපු දිවියෙක්ව...එත් එක්කම බල්ල කැලෑවේ අනිත් පැත්තට පැන්නා...දිවියත් ඒ එක්කම අතුරුදහන් උනා කියලයි ඌව දැකපු මගේ මිත්‍රය නම්  කිව්වේ...ඊට පස්සේ අපි ගොඩක් දුර ආවත් අර බල්ලව නම් ආපහු දැක්කේ නෑ...පොඩි කනගාටුවක් ඇති උනත් අපිටත් ඒ වෙලාවෙ කරන්න දෙයක් තිබ්බේ නැහැ...හැබැයි සමහරවිට ඌ බේරෙන්නත් ඇති....


තණ පදුරුවල ලාකොළ පැහැයත් කුරු උණ පැදුරු වල තරමක් තද කොළ පැහැයත් නිල පැහැති අහසේත් සුදු පැහැති මීදුම් කැටි වලත් සුන්දර වර්ණ මිශ්‍රණයක් හෝර්ටන් තැන්න ගමන පුරාවටම දකින්න පුළුවන්.....
දිවියාගේ අඩිසලකුණු




6 comments:

  1. ela machan, gindara
    ohoma yan....

    gz

    ReplyDelete
  2. nice work keep it up !

    ReplyDelete
  3. සුන්දර චාරිකා සටහනක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...! මම වෙලාවක එන්නම්කෝ මාළු ටැංකිය පැත්තේ...:)

      Delete

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...