Friday, November 2, 2012

ඕලු ඇල්ල | Olu Fall

          ලංකාවේ උසින් පස්වෙනි තැන ගන්න ඕලු ඇල්ල (127m) පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ යටියන්තොට ප්‍රදේශයේ...සංචාරකයෝ අතර එච්චරම ප්‍රසිද්ධ නැති උනත් ශ්‍රිලංකාවේ පස්වෙනි තැනට උසම දිය ඇල්ල විදියටත් කොළඹට ආසන්නයේම පිහිටලා තියන ප්‍රමාණයෙන් විශාල දිය ඇල්ලක් විදියටත් ඕලු ඇල්ල නම් කරන්න පුළුවන්....ඇල්ල පිහිටල තියන තැන හරියටම කියනවනම් යටියන්තොටින් මලල්පොල හරහා සීපොන් වලට තියන පාරේ (B482) 16 වෙනි කිලෝමීටර් කනුව ගාව තමා තැන.
         ඕලු ඇල්ල හරහා දාල තියන ලී පාලම හින්ද  ඇල්ල කොටස් දෙකකට වෙන් වෙනවා.මේ ලී පාලම දැනට ලංකාවේ භාවිතයේ තියන පැරණිතම ලී පාලම විදියට හදුන්වන්න පුළුවන්.වැස්ස කාලෙට නම් ලී පාලම උඩින් වතුර දානවාලු.
           දුන්හිද,බඹරකන්ද වගේ දිය ඇලි වලට වඩා ඕලු  ඇල්ල වෙනස් වෙන්නේ තනි දියපාරක් වෙනුවට පුංචි පුංචි දියඇලි ගණනාවක එකතුවක් වීමයි... 
          ඇල්ල නිර්මාණයවෙන්නේ වී ඔයේ අතු ගංගාවකින්.වී ඔය අවසානයේ කැළණි ගඟට එකතුවෙනවා.මීට අමතරව දියඇල්ල ලඟින්ම පිහිටලා තියන වේවැල්තලාව තේ වත්තේ රවුමක් දාල යන්නත් අමතක කරන්න එපා...මගදි හම්බවෙන තේ කර්මාන්ත ශාලාවෙන් අවසර ගත්තනම් වැඩේ හරි.

යන  පාර



අපි ගියපු ජීප් එක

සම්පුර්ණන දියඇල්ලේ චායාරූපයක්



අතරමගදී හම්බඋන සංගිලි පාලම


ජීප්පුවේ අයිතිකරු

ලීපාලම යටඉදන්



ගමන ආපු කට්ටිය

රුවන්වැල්ල පාලම
වී ඔය (නාන්න කියාපු තැන )

3 comments:

  1. නියෙම්ට ලියල තියනවා...දිගට ලියන්න.

    ReplyDelete
  2. අඩෙ පට්ට බන්....ඔය වගෙ ලස්සන තැන් වල යනකොට අපිටත් කියන්ඩකො අප්පා...අපිත් set වෙනවනේ

    ReplyDelete

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...