Wednesday, October 17, 2012

සිංහරාජයේ අරුණාලෝකය | Morning side


         සිංහරාජයට ඇතුළුවන ප්‍රවේශයන් කීපයක් තියනවා.ඒ අතරින් කුඩාව,පිටදෙනිය සහ මෝර්නින් සයිඩ් ප්‍රධාන තැනක් ගන්නවා.මෝර්නින් සයිඩ් හෙවත් හිමිදිරි පෙදෙස පිහිටල තියෙන්නේ සුරියකන්ද පැත්තේ.(ඒකියන්නේ රක්වානයි දෙනියයයි අතර).මේ පැත්තට මෝර්නින් සයිඩ් කියල නම වැටෙන්න හේතුව තමයි මේ ප්‍රදේශයෙ දේශගුණය මුළු දවස පුරාම උදෑසන කාලය වගේ තිබීම.සංචාරකයින්ට මෝර්නින්සයිඩ් වල තියන  බංගලාවේ නවාතැන් ගන්න පුළුවන්, නමුත් එන්න කලින් බත්තරමුල්ලේ තියන වනසංරක්ෂණ කාර්යාලයෙන් අවසර ගැනීම අනිවාර්යයි.මෝර්නින් සයිඩ් බංගලාවට සුරියකන්දෙ ඉදන් යන්න මාර්ග දෙකක් තියනවා.එක මාර්ගයක් වැටිල තියෙන්නේ සිංහරාජේ කැලේ මැදින්. (කාල්ටන් වතුයායෙන් තමා පටන්ගන්නේ).අනෙක මෝර්නින් සයිඩ් වතුයාය හරහා වැටිලා තියෙනවා.හැබැයි මෝර්නින් සයිඩ් වතුයාය හරහා යන මාර්ගය නම් පුද්ගලික එකක්...නමුත් පයින් යනව නම් ගැටළුවක් නැහැ.
                             වැස්ස කාලෙක නම් කූඩැල්ලන් නිසා ගමන ටිකක් අමාරුයි.නමුත් මෝර්නින් සයිඩ් කියන්නේ සංචාරයේදී  අමතක නොකලයුතුම ස්ථානයක්.දියඇලි සහ ස්වභාවික තටාක  කීපයක්ම මෝර්නින් සයිඩ්වලදි හම්බවෙනවා.එයින් කුඩා දිය ඇලි කීපයක්ම  තියෙන්නේ මෝර්නින් සයිඩ්වතුයාය පටන්ගන්න ප්‍රදේශයේ.තවත් ඇල්ලක් මෝර්නින් සයිඩ් වතුයාය සහ බංගලාව අතර මාර්ගයෙදි දකින්න පුළුවන්.මීට අමතරව මෝර්නින් සයිඩ් බංගලාවේ ඉදන් පටන් අරගෙන කැලේ ඇතුලෙන් පිහිටලා තියන දුවිලි ඇල්ලට  යන්න පුළුවන් මාර්ගයකුත්  තියනවා .නමුත් දුවිලි ඇල්ලට යන මාර්ගය මෑතකදී භාවිතා කරලා නැති නිසා එක ටික අවදානම් වැඩක්..!



වැස්ස හින්ද කාපු කට්ටක් ...!

                            













ගමන  ආපු කට්ටිය
                             

No comments:

Post a Comment

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...