එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින. |
අන්දරේ ගැන අසා නැති කෙනෙකු
නැති තරම්ය......එහෙත් ඔබ කෙදිනකවත් අන්දරේගේ සොහාන පිහිටි ස්ථානය ගැන අසා තිබේද.....? එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව්
ඉස්මත්තකදී මට හතර ගාතය දමා සිටි අන්දරේ
මුණ ගැසින.ඔහු මිය යන්නට ඇත්තේ කුමක් නිසාද.....? ඔහු පිපාසයෙන් සිටි බවක්
පෙනේ....දැන් වැවේ වතුර යන්තමින් හෝ ඇතත් පිපාසයෙන් පීඩිතව සිටි ඔහු මියයන විට එය
වියලී තිබෙන්නට ඇත.
මා අන්දරේගේ
සොහොන කරා පැමිණි මාර්ගය තනිකරම දුඹුරු පැහැතිය..යන්තමින් හමන සුළඟකට පවා මුළු
පරිසරයම දුහුවිල්ලෙන් නැහැවෙයි.
පලු ගස් කිහිපයකින් තැන තැන සෙවන වී ඇතත් සුළග නම්
වියලිය...උණුසුම්ය..මාස ගණනකින් මේ පළාතට වැස්සක් වැටී නොමැති සෙයකි.
හේන්වල සුලබව දක්නට
ලැබෙන දඬු වැටකින් වටවුණු කුඩා නිවසක් ඈතින් පෙනේ.නිවස අසල සෙල්ලම් කරමින් සිටි
කුඩා ළමයෙකු මා එහි දොරටුව අසලට එනු දුටු
විගසම ගෙතුලට දිව ගියේය.
"අම්මේ ...අන්න කවුද ඇවිල්ලා....."
"කවුද පුතේ...?"
ගෙතුලින් තරමක් තරුණ කාන්තාවක්
එලියට ආවාය.
"අර..අන්දරේගේ සොහොනට යන්නේ මේ පාරෙන්ද....? "
"ආ...මේපාරේ දිගටම ගියාම වැව හම්බවෙනවා.................
වැවේ
ඉවුර
ගාවම
තමා ඕක තියෙන්නේ..."
"හොයාගන්න අමාරු වෙයිද...? "
"නෑ.....ඉස්සරනම් ඔතන මුකුත් තිබ්බේ
නෑ..."
"පස්සේ ඔය
ඇමති ගොල්ල කට්ටියක් ඔතන හදල බෝඩ් එකකුත් දාල
තියෙන්නේ..."
"ආ එහෙමද ...බොහොම ස්තුතියි...
ගිහින් එන්නම්..."
පාරදිගේ දිගටම යනවිට
වැවක් ලෙස කිවහැකි යමක් මුණගැසිණ...නෙළුම් සහ හබරල ගස් වලින් වැසුණු එය පාලුවට ගිය
සෙයකි... එවිටම පාරේ මා යන දෙසට පැමිණි ත්රීරෝද රථයක් එකවරම මා අසල නැවැත්විය..
"මහත්තය කොහාටද
යන්නේ...?"
"අන්දරේගේ සොහොන ගාවට...එතනට ගිහින් ආපහු හන්දියට
යන්න කීයක් ගන්නවද...? "
"පනහක් විතර දෙන්නකො
...." ඔහු ටිකක් කල්පනා කොට කීවේය.
වෙලාවේ හැටියට පනහක් නොව
සීයක් ඉල්ලුවත් පාඩු නැත.
"හරි යන්.."
තවත් මොහොතකින් මට වැව් ඉස්මත්තේ
සිමින්තියෙන් තනා ඇති අන්දරේ ගේ පිළිරුවක් ද සොහොන යයි කිවහැකි වටකර ඇති යමක්ද
පෙනුනි.
"මෙතන තමා තැන..."
"මම ෆොටෝ දෙකතුනක් අරන්
එන්නම්..."
සොහොන අසල මෑතකදී තනන ලද
අන්දරේගේ මියගිය ස්වරූපය දක්වන පිළිරුවක් ද රජවාසලේ චිත්රයක්ද දක්නට ලැබිණි.
"ඔය සොහොනේ උඩ කිසිම ගහක්
වැවෙන්නේ නෑ..." ත්රී විල් කරු කියයි.
මමද ඒදෙස විපරමින් බැලුවෙමි...එයමත කුඩා පඳුරු
කීපයක් වැවී ඇත.ඔහු මගේ මුහුණේ තිබු අදහස තේරුම්යන්නට ඇත.
"ඔය පඳුරු තිබ්බට මුලයන
ගස් ඔතන හැදෙන්නේ නෑ..." ඔහු නැවතත් කියයි.
ඔය ගම්මුන්ගේ හැටියකි.විශේෂ සොහොනක් ඇතිවිට එය මත ගස් පැල නොවනබව කියයි.කෙසේ වෙතද මෙහි කුඩා ගසක්වත් දක්නට නොලැබුණි.ඇතැම්විට මෙයට හේතුව මෙහි දමා ඇති කොන්ක්රීට් තට්ටුවක් වීමට පුළුවන.
"ඔය පඳුරු තිබ්බට මුලයන
ගස් ඔතන හැදෙන්නේ නෑ..." ඔහු නැවතත් කියයි. |
අන්දරේ ගේ සොහොන බැලීමට යාහැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටකදීය.හම්බන්තොටින් තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව
අයිනදිගේ ඇති
අතුරුමගක
ගමන් කිරීමෙන්
අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.
උඩමලල හන්දියෙන් රතු පැහැයෙන් දක්වා ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක. |
අන්දරේ යනු හුදෙක්
මනඃකල්පිත චරිතයක් නොවේ.18 වන සියවසේ සෙන්කඩගල
මහනුවර රාජාධි රාජසිංහ රජු දවස රජවාසලේ සිටි විකටයෙකි,කවියෙකි.අන්දරේ වටා ගෙතුණු කතා රාශියකි.අන්දරේ සීනි කාපු හැටි,ගල උස්සපු හැටි,ගොනාට
ඇඳීම,හතරබීරි කතාව,කිරි කෑ හැටි,රබන් පැලීම ඉන් වඩා ප්රසිද්ධ කතන්දර ලෙස දැක්විය හැක.මොහු රජවාසලේ සේවය කල වකවානුව ක්රි.ව
1781සිට 1798 දක්වා
බවට ඔහුගේ සොහොනේ සටහන්ව පවතී.
ඔහුගේ උපන්ගම ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්රදේශයයි.එය ඔහුගේ පියාගේ උපන්ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්රාමයයි.දිගු කලක් රජ වාසලේ සේවය කල අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේ, තමන් ඉපදුනු සුන්දර ගම්මානයත් තරුණවියේ ගැටමානේ බිරිඳ සමග ගතකල ජීවිතයත් සිහිපත් වී තම වයස්ගත බවද,රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කල අතර, ගමනේ අතරමගදී ඉහත සඳහන් උඩමලල වැව ඉස්මත්තයේ පිපාසයෙන් මියගිය බවටඉතිහාසයේ සඳහන් වේ.
ලිපිය අවසාන කරන්නට පෙර අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක් මෙසේ සටහන් කර තබමි.
ලිපිය අවසාන කරන්නට පෙර අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක් මෙසේ සටහන් කර තබමි.
බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි
දේවතුමට මහබඹු දුන් ලියක් වගෙ යි
ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙ යි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ යි
පෙම්වතියට
කොළඹ කළුතර අලුත් ගන්තර මුනේ මාතර ගාල්ලේව ත්
සපරගමු පුත්තලම උඩරට කොට්ටියරම් තොට මුනේ ව ත්
සතර සත් කෝරලේ ඇතුළුව මෙවැනි මැදි හත්පත්තුවේ ව ත්
නුබ සේ ලස්සන කතක් නුදුටිමි සතර වාසල් කොන් අටේ වත්
තමා ගැනම
යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට
මන්තරේ හොඳයි ඉඳ ජප කරන්න ට
ගින්දරේ හොඳයි සීතට තපින්න ට
අන්දරේ හොඳයි සීපද කියන්න ට
බිරියගේ වියෝවේදී
තන් සොඳ තරුණ සුරතල් කත ලබාලා
උන්නෙමු සතුටු සයුරේ අපි ගිලී ලා
රන්කඳ නුබේ පස් යටකර දමා ලා
මම්වද ගෙට ආවේ දැන් පය නගා ලා
සටහන: අන්දරේගේ අක්කා දීගගිය බවට සඳහන් වන ගැටමානේ
ගම්මානයෙන්ම හමුවූ සුන්දර තරුණියක්
අන්දරේ විසින් විවාහ කරගත් බවත්ඇයදරුප්රසුතියකදී අවාසනාවන්ත ලෙස මියගිය බවත් පොත පතේ සඳහන් වේ.
මරණයට පෙර
රිදී කලේ රන්කොතලේ බීපු ම ට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙ ට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුන ම ට
කෙසේ පසු වෙම්ද පලු වීර ගස් ය ට
වටිනා විස්තරයක්. අදාළ ඓතිහාසික තොරතුරුත් එක්ක දාපු එක ගොඩක් වටිනවා. මම මාර්තු මාසේ අන්තිම විතර කතරගම යන්න හිතාගෙන ඉන්නේ. දීපු ඔත්තුවට ස්තූතියි. ඔය පැත්තෙත් ගිහින් බලන්නම්. (කාර් එකක් යන්න පුලුවන්ද ඔයපාරේ?)
ReplyDeleteඔව් කාර් එකක යන්න පුලුවන්...වාහනයක යනවනම් විනාඩි පහකින් ,දහයකින් වගේ ඔතනට ගියහැකි.
Deleteඅන්දරේ මැරුණෙ ඔය විදියට බව මා අසා තියෙනවා. ඇත්තටම ඔබ එය දුටුවාද ? ඒ ගැන තව ටිකක් කියන්න පුළුවන්ද ?
ReplyDeleteවයසට ගිය අන්දරේ ගමේ යන අතර මගදී මියගියා කියලතමා පොත පතේ සඳහන් වෙන්නේ.මැරෙනකොට අනිත් අයව හිනස්සන්න අත පය හතර පැත්තට දාගෙන හිටිය කියන කතාව නම් හරියට කියන්න දන්නේ නෑ ...ජනප්රවාද නේ....සමහරවිට වතුර ගෙන්න ගිය සේවකයෝ හිනස්සන්න එහෙම හිටිය වෙන්නත් පුළුවන්...රජතුමා අන්දරේ මැරුන කියල ආරංචි උනාම ඔතනට ආව කියලත් අහල තියනවා ...වෙනගමනක් යන අතරමගදී තමයි මටත් ඔය ස්මාරකය තියන තැනට යන්න ලැබුනේ...අළුතෙන් ඔතන හදල තියෙන්නේ 2001 දී...ලංකාවේ හිටපු සහ දැනුත් ඉන්න ඇමතිලා තුන්හතර දෙනෙක්ගේ නම් එහෙමත් සඳහන් කරලත් තිබ්බ ඔතන....
Deleteමරුන හැටි දැනගන්න එන්න මෙතනට.
Deletehttp://kumageketikatha.blogspot.com/2014/03/vs-vs.html#comment-form
පට්ට බං... මම උඹේ ඔක්කොම සටහන් කියෙව්වා.!!!!
ReplyDeleteසුපිරියි...
අපිත් ඔය හැමතැනම ඇවිදින උන්නේ... කියවලා බලහන් අපෙ සටහනුත්. :)
http://harshana-bc.blogspot.com/search/label/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%20%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි...අනිවාර්යෙන්ම එන්නම්...:)
Deleteමේකට යන පාරත් එක්කම දාපු ඒක වටිනවා. මොනවද අර ගොයම් වගේ තියන්නේ...?
ReplyDeleteතණකොළ පඳුරු වගයක් නේද....?
Deleteඉතාම වටිනා පොස්ටුවක්.
ReplyDelete//එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින.ඔහු මිය යන්නට ඇත්තේ කුමක් නිසාද.....? ඔහු පිපාසයෙන් සිටි බවක් පෙනේ....දැන් වැවේ වතුර යන්තමින් හෝ ඇතත් පිපාසයෙන් පීඩිතව සිටි ඔහු මියයන විට එය වියලී තිබෙන්නට ඇත.//
මේකට පිළිතුර මෙතන තියෙනවා. චන්දනගේ තොරතුරකට ආවේ.
http://kumageketikatha.blogspot.com/2014/03/vs-vs.html#comment-form
හරිම වැදගත් විස්තරයක්. කතරගම පැත්තේ යනකොට මේකට යන්නම ඕන.
ReplyDeletemahaparen winadi dahayaka dura.. :)
Deleteබොහොම ස්තූතියි සහෝදරයා... ඊලඟ වතාවෙ කතරගම යද්දි මෙහෙ යන්න ඕනෙ...
ReplyDelete