Wednesday, November 21, 2012

මඩුවන්වෙල වලව්ව | Maduwanwela walawwa

                                 රත්නපුරේ කිව්වහම මතක් වෙන්නේ හැමතිස්සෙම වැස්ස තියන තෙත් පළාතක් නේද...? එත් රත්නපුරේ පහු කරගෙන ඇඹිලිපිටිය පැත්තට යනකොට තියෙන්නේ ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දේශගුණයක්.හරියට වැස්සක් නැති, දවසපුරාම වැටෙන තද අව්වට පිළිස්සෙන කදුකර පරිසරයක් තමා ඔය කියන ඇඹිලිපිටිය පැත්තේ දකින්න තියෙන්නේ...පුද්ගලිකව මම නම් නුවරඑලිය වගේ තෙත් කදුකර පළාතකට වඩා වියලි කදුකර පළාත් වලට කැමතියි...වේලිච්ච ගස්වැල් වලින් ඇහෙන "සර සර" හඬත් වියලි කදුකරේ පිසගෙන හමන හුළඟත් හිතට ගේන්නේ වචන වලින් කියන්න බැරි අමුතුම හැගීමක්.ඉවරයක් නැතිව දඟර ගැහි ගැහී කදු අස්සෙන් යන පාලු පාරෙත් ඊට පහලින් පුංචි පුංචි දිය පාරවල් ගලන නිම්නයේත් ගැබ්වෙලා තියෙන්නේ පුදුමාකාර තනිකමක් කිව්වොත් නිවැරදියි.....මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන මඩුවන්වෙල වලව්වත් පිහිටලා තියෙන්නේ ඔය කියන ප්‍රදේශයේ..යන්න පාරවල් නම් කීපයක්ම තියනවා. නමුත් ලේසිම විදිය තමයි ඇඹිලිපිටියෙන් කොලොන්නට තියන පාර... වලව්ව හොයාගන්න එක නම් එච්චර අමාරු වැඩක් නෙමේ...ඇඹිලිපිටියේ ඉදන් කොලොන්න පැත්තට එනකොට කොලොන්න හන්දිය හම්බවෙන්න පොඩ්ඩකට මෙහායින් පාර අයිනේම වගේ තමයි මඩුවන්වෙල වලව්ව පිහිටල තියෙන්නේ...

මඩුවන්වෙල වලව්ව (Maduwanwela walawwa)
                  මඩුවන්වෙල ප්‍රදේශයට ඒ නම ලැබිල තියෙන්නේ "කුළු මී හරකුන් බහුලව සිටින වෙල" කියන අදහසින්.දෙවැනි විමලධර්මසූරිය රජතුමා (ඒ කියන්නේ ක්‍රි.ව 1800 විතර) මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයාට මේ ඉඩම් සන්නසකින් භාරදීලා මුදලිවරයා ඒ ඉඩමේ මේ වලව්ව හදපු බවටයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.
                  මීට අවුරුදු 100කට විතර කලින් කාමර 121ක් සහ මැදමිදුල් 21ක් තිබුණු බවට  සදහන් උනත්  වර්තමානයේ  දකින්න ලැබෙන්නේ  කාමර 42ක් එක්ක මැදමිදුල් 7 ක් පමණයි.විශේෂිත ලී උළුවහු සහ අනෙකුත් ගෘහනිර්මාණ අංග වලට අමතරව වලව්ව ගැන ප්‍රසිද්ද කරුණු කීපයක්ම තියනවා...එකක් තමයි ගෙබිම අලංකාර කරන්න අල්ලලා තියන පිගන් කටු රටාවන්.වලව්වේ එක තැනක එංගලන්තයේ මහරැජිනගේ රුපයක් කකුලට පැගෙන විදියට සවිකරලා තියනවා...අනෙක වලව්වට ඇතුලුවෙන තැන තියන ගල් අරුක්කුව.සුද්දෙක් වලව්වට එනවනම් අශ්වයාගේ පිටින් බැහැල හෝ ඔලුව පාත් කරලා එන්න වෙන විදියට තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ...මේදේවල් වලට හේතුව මුදලිවරයා තදින්ම අධිරාජ්‍යවාදීන් පිළිකුල් කිරීම කියල තමයි මටනම් හැඟෙන්නේ....ඇතුලත සවිකරලා තියන උළුවහු  උනත් තරමක් මිටි පුද්ගලයෙකුට හැරුනහම සාමාන්‍ය කෙනෙකුට ඔලුව පහත් නොකර යන්න බැහැ..මේකට හේතුව  මිටි පුද්ගලයෙකු වන මුදලිවරයාගේඋසේ ප්‍රමාණයට උළුවහු නිර්මාණය කරලා තිබීම බවයි ප්‍රදේශ වාසීන්ගේ අදහස...මඩුවන්වෙල බලන්න යන කෙනෙකුට ඒ ලගින්ම පිහිටලා තියන  සුප්‍රසිද්ධ වවුල්පනේ හුණුගල් ගුහාවත් බලාගෙනම එන්න පුළුවන්....

ඇතුළුවන දොරටුව

මඩුවන්වෙල වලව්ව
ඇතුළුවීමේ දොරටුව 2



පිගන්ගඩොල් රූ රටා
පයට පැගෙන රැජින



තරප්පුව

ඉහල මාලය






ඇඹිලිපිටියේ ඉදන් කොලොන්නට යන  මාර්ගය
ඇඹිලිපිටියේ ඉදන් කොලොන්නට යන  මාර්ගය



 අතරමගදි හම්බඋන අමුතු හන්දියක්  "කෑල්ල හන්දිය"  

5 comments:

  1. හොඳ පෝස්ටුවක්...

    //ඉවරයක් නැතිව දඟර ගැහි ගැහී කදු අස්සෙන් යන පාලු පාරෙත් ඊට පහලින් පුංචි පුංචි දිය පාරවල් ගලන නිම්නයේත් ගැබ්වෙලා තියෙන්නේ පුදුමාකාර තනිකමක් කිව්වොත් නිවැරදියි//

    මේක නම් මාත් අත්දැකලා තියනවා ඔය පැති වල ගිය අවස්ථාවල.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හිතට අල්ලල ගිය තවත් එක පැත්තක්...:)

      Delete
  2. නියම විස්තරයක් යාළුවා...දිගටම ලියන්න.ජයවේවා!!!

    ReplyDelete
  3. සුපිරි වැඩක්

    ReplyDelete

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...