Tuesday, September 25, 2012

සල්ගල වන අරණ | Salgala


   
     වනවාසී භික්ෂූන්වහන්සේලා වැඩවාසය කරන සල්ගල ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ වරකාපොලින් රුවන්වැල්ලට තියන පාරේ,ගලපිටමඩ ප්‍රදේශයේ තියන වැල්තැල්ල කැටගිල්ල රක්ෂිතයේ.නිහඩ  නිස්කලංක පරිසරයකට කැමති ඕනෑම කෙනෙකුට මේ වන අරණේ පැය කීපයක් ගත කරලා එන්න පුළුවන්.  
      ආරණ්‍යය ඇතුලේ තියෙන බැලුම්ගලට නගින කෙනෙකුට කැටගිල්ල රක්ෂිතයයෙත්, ප්‍රදේශය වටකරගත්ත කදු පංති වලත් සුන්දර දර්ශන වගේම අහස පැහැදිලිදවසක ශ්‍රීපාදය උනත් බලාගන්න පුළුවන්.

    සල්ගල ඉතිහාසය වළගම්බා රජු දවස දක්වාම පැරණියි.වළගම්බා රජතුමා සතුරු ආක්‍රමණ වලදී මේ ප්‍රදේශයේ තිබුණු ගල් ලෙන් වල හැංගිලා හිටිය බවට ජනප්‍රවාදවල කියවෙනවා.වර්තමානයේ මේ ගල්ලෙන් අරණ්‍යවාසී භික්ෂූන්වහන්සේලාගේ  බාවනා කුටි ලෙස යොදාගෙන තිබෙනවා. 
පියගැටපෙළ




වන අරණේ දාගැබ
බැලුම් ගලින් පෙනෙන ශ්‍රීපාදස්ථානය
                                                                       
ශ්‍රීපාදය (දෙනෙතියෙන්)

සක්මන් මලුව

තුරුලතා...





Related Posts Plugin for WordPress, Blogger...